(දයාසීලි ලියනගේ)
මුදල් ඇමැති මංගල සමරවීර මහතා ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය වැය ලේඛනය මගින් එංජින් ධාරිතාව 1000 ට අඩු වාහනවල මිල අඩු කෙරෙනු ඇතැයි වාර්තා වේ.
කුඩා ව්‍යාපාරිකයන්ට සහන සැලසීම මූලික කරගනිමින් මෙවර අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙෙරන අතර ඒ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමට ප්‍රමුඛතාවය ලබාදෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව වර්ෂ 2019 වෙන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 4000 ක් විදේශ ණය ගෙවීමට ඇති බැවින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පිළිබඳ විශේෂ යෝජනා ඇතුළත් කරනු ඇතැයි ද කියති.