(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ලබා දෙන්නැයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය සඳහා පත්කළ කමිටුව සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් යන මහත්වරුන් ලබන 23 වැනිදා එම කමිටුව හමුවී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් නව දෙනකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබීය.
එම කමිටුව මේ වන විට සිය කටයුතු ආරම්භ කර ඇති අතර කමිටු යෝජනාවලිය ලබන මාර්තු මස අවසන් වීමට පෙර රජයට බාර දීමට නියමිතය.
ඒ අනුව සිය අදහස් හා යෝජනා හැකි ඉක්මනින් කමිටුවට ලබා දෙන්නැයි කමිටුව දේශපාලන පක්ෂ නායකයන් වෙත දන්වා ඇත.