(උපුල් වික්‍රමසිංහ)
‘විරු සුමිතුරු’ නමින් නව රණවිරු නිවාස ව්‍යාපෘතියක් ඉදිරි දින කීපය ඇතුළත ආරම්භ කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් මත ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත මෙම නිවාස ව්‍යාපෘතිය මගින් ඉදි කිරීමට අපෙක්ෂිත මුළු නිවාස ප්‍රමාණය 3650ක් වන අතර පෞද්ගලික ආයතන සියයක් පමණ ඒ සඳහා දායකත්වය සැපයීමට මේ වන විටත් කැමැත්ත පළ කොට ඇත.
යුද්ධයේදී දිවි අහිමි වූ රණවිරුවන්ගේ පවුල්වල උදවියට මෙන්ම ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් සඳහා මෙම නිවාස වැඩපිළිවෙළ මගින් නව නිවාස ලබාදෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.