(අජන්ත කුමාර අගලකඩ)
ඇමැති රිෂාද් බදියුදින් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පක්ෂව ඡන්දය දෙනු ඇතැයි එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සඳුදා ජනාධිපති කාර්යාලයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව දැනගන්නට ඇත.
රිෂාද් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සහාය දිය යුතු බවත් එය කණ්ඩායමක් ලෙස තීන්දුවක් ගත යුතු බවත් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.