(දයාසීලි ලියනගේ)
යාපනය-මන්නාරම, ත්රිකුණාමලය සහ දඹුල්ල-ත්රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා පූර්ණ සහාය දැක්වීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ඉන්දියානු සංචාරයේදී ඉන්දීය මාර්ග ප්රවාහන, මහාමාර්ග සහ නාවික ඇමැති නිතින් හද්කාර් මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇත.
නවීන තාක්ෂණය හා අත්දැකීම් පදනම් කර ගනිමින් වසර සියයක් පුරා කල් පවතින අන්දමින් මාර්ග ඉදිකිරීමේ හැකියාව ඉන්දියාව සතුව පවතින බවත් එවන් ඉහළම ප්රමිතියකින් යුතු මාර්ග ඉදිකිරීම සඳහා ශ්රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් මෙහිදී ඉන්දීය මාර්ග ප්රවාහන ඇමැතිවරයා ප්රකාශ කර ඇත. මේ අතර ඉන්දීය සාගර සමුළුව ශ්රී ලංකාවේ පැවැත්වීමටද තීරණය වී තිබේ.
ශ්රී ලංකා අග්රාමාත්යවරයා හා ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූයේ මෙම සමුළුව ශ්රී ලංකාවේ පැවැත්වෙන අතර එහි සභාපතිත්වය ශ්රී ලංකා අග්රාමාත්යවරයාට පිරිනැමෙන බවය.