ලක්ෂ 650 ක නිල නිවාසයේ පදිංචි ලිපිකරුවෙක්


(දයාසීලි ලියනගේ) 

රුපියල් ලක්ෂ 650 ක මුදලක් වැයකර මිලදී ගන්නා ලද නිල නිවාසයක ලිපිකරුවෙක් පදිංචිව සිටින බව වාර්තා වේ. 

 පළාත් කාර්යාලයක හිටපු ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ මැදිහත් වීම මත බත්තරමුල්ල ප්‍රදේශයෙන් මිලදී ගන්නා ලද මෙම නිල නිවාසයේ අද‌ාළ නිලධාරියා පදිංචියට නොයාම නිසා පසුව එහි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර ​ඉතා කෙටි කලකින් එය ද ඉවත් කර ඇති බව වාර්තා වේ. 


මෙම නිල නිවාසය මිලදී ගෙන වසර 2 කට ආසන්න කාලයක් ගතවී ඇතත්, මෙතෙක් කිසිදු නිලධාරියෙකුට එය පවරා නැති අතර කාලයක් තිස්සේ අද‌ාළ දේශපාලනඥයාගේ හිතවත් ලිපිකරුවෙක් තවමත් එහි පදිංචි වී සිටින බව ද සඳහන් වේ. 


ලක්ෂ 650 ක මුදලකට මිලදී ගෙන ඇති මෙම නිවාසයේ අලුත්වැඩියා කටයුතු සඳහා තවත් ලක්ෂ 200 කට අධික මුදලක් වැයකර තිබූ බව ද කියති.