විදුලි ඉංජිනේරුවෝ සැක පළ කරති
දයාසීලි ලියනගේ
හදිසි මිලදී ගැනීම් කරමින් ඉදිරියට විදුලිය කැපීමක් නොකරන බව ප්‍රකාශ කරමින් විදුලි බිල වැඩි කළත් ලබන මස අග භාගය වනවිට විදුලිය කැපීමක් සිදුවන බව විදුලි ඉංජිනේරුවන් ලංකා විදුලි බල මණ්ඩලයට පෙන්වාදී ඇත.
විදුලිය හදිසි මිලදී ගැනීම් සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවීම මේ වනවිට ජලාශවල ජලය සියයට 52ක් දක්වා අඩුවීම, කැලණිතිස්ස බලාගාරයට නැප්තා නොමැතිවීම, සපුගස්කන්ද තාප බලාගාරයෙන් අඛණ්ඩව විදුලිය නිෂ්පාදනය කළ නොහැකිවීම, යුගදනවි බලාගාරය ක්‍රියාත්මක නොවීම ඇතුළු කරුණු නිසා ලබන මාසය තුළ විදුලිය සැපයීම අර්බුදයක් වනු ඇතැයි විදුලි ඉංජිනේරුවන් සඳහන් කර ඇත.
මේ වනවිට විදුලිය නිෂ්පාදනය සඳහා සියයට 20ක ප්‍රමාණයක් ජලය යොදා ගන්නා නමුත් ජලාශවල ජලය උපරිම ලෙස යොදා ගැනීම ලබන මාසය වනවිට බරපතළ තත්ත්වයක් බවට පත්වන බවද ඔවුන් පවසා ඇත.
මේ වනවිට සමනල වැව සියයට 32ක්ද, මාඋස්සාකැලේ සියයට 48ක්ද, කොත්මලේ සියයට 39ක්ද, කාසල්රි සියයට 38ක්ද වශයෙන් ජල මට්ටම අඩුවී ඇත.
වික්ටෝරියා හා රන්දෙනිගල ජලාශවල ප්‍රමුඛත්වය ලැබෙන්නේ විදුලිය නිෂ්පාදනයට වඩා වගාවට හා බීමට යොදා ගැනීමටය.
ඉන්ධන ප්‍රශ්නයට මෙතෙක් නිසි විසඳුමක් නොලැබීමත් හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා අසාමාන්‍ය ලෙස ගෙවීමට සිදුවී තිබීමත් නිසා ලබන මාසයේ සිට යළි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවට ඔවුන් සැක පළකර ඇත.