(නිශාන්ත කුමාර බණ්ඩාර)
ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය නිසා ලොව විවිධ රටවල අතරමංව සිටින ශ්‍රීලාංකිකයින් සංඛ්‍යාව 59,000ක් පමණ බව හෙළි වෙයි.
ඔවුන් මේ වෙන විට ලියාපදිංචි වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ දක්වා පුද්ගලයන් 59,419 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන් ගෙන් 21,575 දෙනෙකු මැද පෙරදිග සේවය කරන පුද්ගලයන් බව සඳහන් වෙයි.
විවිධ රටවල අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහන සැලසීම සඳහා පසුගිය මාසයේ අගභාගයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ විදේශ සබඳතා අමාත්‍යාංශය විසිනි.
මේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද සහය ලබා දෙයි.