(අජන්ත කුමාර අගලකඩ)
වයඹ පළාත් සභාවේ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය සහ එහි ආණ්ඩු පක්ෂය අතර ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුකාරවරිය වෙනත් පළාතකට පත්කර අලුතින් ආණ්ඩුකාරවරයකු වයඹට පත් කරන්නැයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඉකුත් අඟහවරුවාදා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ශ්රීලනිප මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබේ. වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරියක ද වන බැවින් ඇය ආණ්ඩුකාරවරිය ලෙස දේශපාලනය කරන්නට යාම නිසා පළාත් සභාව තුළ ගැටුමක් ඇතිව තිබෙන බව ඇමැතිවරුන් එහිදී පෙන්වාදී ඇත.
මෙම අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුකාරවරිය වෙනත් පළාතක ආණ්ඩුකාර ධුරයකට පත්කර වයඹට වෙනම ආණ්ඩුකාරවරකු පත් කරන්නැයිද ඇමැතිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.