වසන්ත මුදලිගේ යළි 27 දක්වා රිමාන්ඩ්


අධ්‍යාපන අමාත්‍යංශය තුළදී බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 
27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන්ව සිකුරාදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.   


පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී කලහකාරී ලෙස හැසිරී තිබූ අතර පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවයේ නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබීය.