ව්‍යවස්ථා සංශෝධනය තවත් කල් යයි


(අජන්ත කුමාර අගලකඩ) 
යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම තවදුරටත් කල්යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ උණුසුමත්, ආණ්ඩුවේම පක්ෂ අතර ඇතිව තිබෙන විරසකය හා අනෙකුත් දේශපාලන කාරණ කරළියට පැමිණීමත්, යන කාරණා මත ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා යටපත් වී ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ. 


ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ද මාස කිහිපයක් තිස්සේම රැස්වී නොමැති බවද වාර්තා වේ. 


පළාත් පාලන මැතිවරණයෙන් පසුව මේ වසරේම පළාත් සභා මැතිවරණය ද පවත්වන්නට නියමිතව ඇති බැවින්, ව්‍යවස්ථා සංශෝධන යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ඒම තවදුරටත් කල් යනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.