(නිශාන්ත කුමාර බණ්ඩාර)
වැලි අලෙවියේ ඒකාධිකාරිය රජය සතුකරගෙන ස්ථාවර මිලකට වැලි අලෙවි කිරීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
වැලිවල අයිතිය රජය භාරයේ තබාගෙන, වැලි අලෙවිය සහ ඒකාධිකාරිය රජය සහ සමුපකාර මට්ටමින් පවත්වා ගෙන යාම එහි අරමුණයි.
පෞද්ගලික මට්ටමින් ඇතැම් පිරිස් සිතු සිතු මිලට වැලි අලෙවි කිරීමෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවලට ලක්වීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත.
රජය එම ඒකාධිකාරිය පවරා ගතහොත් පාලන මිලකට වැලි අලෙවි කිරීමට ඉඩ කඩ සැලසේ.
මෙම කාර්ය සාධන බළකායේ අවසාන වාර්තාව ඉදිරියේ දී ජනාධිපතිවරයාට බාර දීමට නියමිතයි.
ඒ සඳහා අනුමැතිය ලැබුණ වහාම පාලන මිලකට වැලි අලෙවි කිරීමටත් වැලිවල ඒකාධිකාරිය රජය නතු කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.