(දයාසිලි ලියනගේ)
විගණකාධිපතිවරයා විසින් මතයක් ප්රකාශ කළ නොහැකි බව සඳහන් කර ඇති 2016 වර්ෂයට අදාළ ශ්රී ලංකා රජයේ ගිණුම් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ
තීරණය කර ඇති අතර රාජ්ය ගිණුම් කාරක සභාවට ඒ පිළිබඳව කරුණු යොමු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
මෙම ගිණුම් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේදී කරන ලද ප්රකාශයකට විගණකාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත ලිඛිතව පැහැදිලි කිරීමක් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.
මෙම ගිණුමට අනුව රජය ලබාගත් ණය ප්රමාණයක් වත්කම් ලෙස යොදා ඇති බවද ඔහු ප්රකාශ කළේය.
මීට අමතරව 2016 වසෙර් රජයේ මුදල් ගනුදෙනු විශාල අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු කීය.
ගිණුම් කාරක සභාවට රජයේ විගණකාධිපතිවරයා කැඳවන ලෙසට ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා කීය.