‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් මුද්‍රණය කෙරේ.
අප සහෝදර පුවත්පත වන ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ පාර්ලිමේන්තු වාර්තාකරුට නිවසේ සිටිය දී ‘කොවිඩ්-19’’ වයිරසය ආසාදනය වී ඇතැයි පාඨකයන්ට මෙයින් දැනුම් දෙමු.
පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස කාර්යාල සංකීර්ණය වසා දමා විෂබීජහරණය කිරීමට විජය පුවත්පත් සමාගමේ කළමනාකාරීත්වය පියවර ගත්තේ ය.
අදාළ කර්තෘමණ්ඩල සාමාජිකයා පී.සී.ආර්. පරීක්ෂණයකට ස්වේච්ඡාවෙන්ම යොමු වීය.
‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ බොහෝ දෙනා පසුගිය මාසයේ සිට සිය නිවෙස්වල සිටිමින් රාජකාරීවල නිරත වන අතර, සීමිත දින ගණනකදී කාර්යාලයේ සිට සේවය කරන සියලු දෙනා ද අත්සේදීම, විෂබීජහරණය යනාදියට අමතරව මුඛ ආවරණ පැලඳීම සහ කායික දුරස්ථභාවය පිළිපැදීම යන දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරති. අපගේ මුද්‍රාණාලය සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ හෝකන්දර වන අතර, එම කාර්යාලය කොළඹ කර්තෘ මණ්ඩල හා සම්බන්ධ වන්නේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේය.
පුවත්පත් මුද්‍රණ කටයුතු සහ බෙදාහැරීම සිදුවන්නේ ලොව පිළිගත් සහ කීර්තිමත් පුවත්පත් මුද්‍රණය කෙරෙන ජාත්‍යන්තර ආරක්ෂිත තත්ත්ව හා පිළිවෙත්වලට අනුව බව අපි මෙයින් තහවුරු කරමු. වසංගතය හා දේශපාලනය සම්බන්ධ නවතම තොරතුරු, විශේෂාංග, ක්‍රීඩා හා ව්‍යාපාරික පුවත් අපගේ පුවත්පත් හරහා ඔබ වෙත ගෙන ඒමට අපි කැපවී සිටිමු.