විදුලි ඉංජිනේරුවෝ කඩුව අමෝරති


දයාසීලි ලියනගේ

විදුලි ඉංජිනේරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශයට කිසිදු නීතිමය අයිතියක් නැති බවත් එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් දෙවරක් නොසිතා වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවත් විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

පසුගිය මාස කීපය තුළ කිසිදු චෝදනාවක් නොමැතිව ඉංජිනේරු සංගමයේ නිලධාරීන් දෙදෙනකු අනිවාර්ය නිවාඩු යවා ඇති අතර, අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසු ඔවුන් යළි සේවයේ පිහිටුවා ඇත. දැන් ඔවුන් දෙදෙනා කාර්ය නියමයක් නොමැති තනතුරුවල යොදවා සිටින බව ද සංගමය සඳහන් කරයි.  


මෙම නිලධාරීන් දෙදෙනා පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය මගින් විමර්ශන තුනක් සිදුකර තිබෙන අතර ඒවායින් ඔවුන්ට කිසිම චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව ද එම සංගමය කියයි.  


මෙම සිද්ධිය පලිගැනීමක් වශයෙන් සලකන අතර විදුලිය කැපීමේ පරිසරය තුළ ජනතාව තවත් අසීරුවට පත් කළ නොහැකි නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ද සංගමය ප්‍රකාශ කරයි.