විදුලිය බිඳ වැටීමට හේතුව උභතෝකෝටිකයක් වෙලා


හේතුව සොයන්න තවමත් බෑ 

(දයාසීලි ලියනගේ)  

කෙරවලපිටියේ සිට නොරොච්චෝල දක්වාත් එතැනින් රට පුරාමත් විදුලිය විසන්ධි වූ ආකාරය තවමත් විදුලිය විශේෂඥයන්ට උභතෝකෝටික ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වේ.  

කෙරවලපිටියේ විදුලිය විසන්ධි වීම, කොටු​ගොඩ, වේයන්ගොඩ, හලාවත ග්‍රීඩ් උපපොළවල් හා නොරොච්චෝල දක්වා විහිදී යනවා වෙනුවට හා ඒවායේ ආරක්ෂක පද්ධති ක්‍රියාත්මකව පවතිද්දී නොරොච්චෝල හරහා රට පුරා විදුලිය විසන්ධි වීම තේරුම් ගත නොහැකි තත්ත්වයක් බව විදුලිය බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. 

 
 මීට අමතරව කෙරවලපිටිය විසන්ධි වී තත්ත්පරයකට අඩු කාලයක් තුළ දී නොරොච්චෝල එක් බලාගාරයක් ක්‍රියා විරහිත වීම එකිනෙකට නොගැළපෙන්නක් වී ඇතැයි ද සඳහන් වේ.  
 විදුලිය සැපයීමේ දී තාක්ෂණික ගැටලුවලට මුහුණ පෑමට සිදුවීම සාමාන්‍ය දෙයක් වුවත්, මේ තත්ත්වය අසාමාන්‍ය වී ඇති බව ද සඳහන් වේ.  


 විදුලිය පිළිබඳ විශේෂඥයන් බහුතරයකට මේ ගැටලුව බරපතළ කරුණක් වී ඇති බව ද වාර්තා වේ.