(දයාසීලි ලියනගේ)
ලංකා විදුලිය බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඇමැති මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට නියම කර ඇත.
මේ වෙන විට විදුලිය බල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් බිලියනපතියන් වී සිටින බවට ලැබී ඇති තොරතුරු හා ඇතැම් වෘත්තීය සමිතිවලින් ලබා දී ඇති තොරතුරුවලට අනුව ඇමැතිවරයා මෙම තීරණය ගෙන ඇත. හදිසි විදුලිය මිලදී ගැනීම්, විදුලිය බල ව්‍යාපෘති ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවීම, විශාල බලාගාර ඉදිකිරීම ප්‍රමාද කිරීම යන කරුණු සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් මෙම වාර්තාව ඉල්ලා ඇතැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
රජයේ නිලධාරීන් සේවයට බඳවා ගන්නා විටම සිය වත්කම්, බැරකම් ප්‍රකාශයක් කළ යුතුව ඇත. එම සටහනට වඩා අසීමිතව මුදල් උපයා බිලියනපතියන් වූ නිලධාරීන් පිළිබඳව මෙම සොයා බැලීම කරනු ලබන බව ද ඔහු කීය.