වෙසක් උත්සවයෙන් පසු දීපව්‍යාප්ත එක් දින වැඩ වැරුමකට ඒකාබද්ධය සැරසෙයි


(දයාසීලි ලියනගේ)
වෙසක් උත්සවයෙන් පසු රාජ්‍ය සේවයේ සියලුම අංශවල සහභාගීත්වයෙන් එක් දින වැඩ වර්ජනයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් කර ඇති බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වේ.


විදුලිය, ජලය, ඉන්ධන යන ප්‍රධාන අංශ ඇතුළුව සියලු ක්‍ෂේත්‍රවල සහභාගිත්වයෙන් මෙම එක් දින වර්ජනය පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කීය. එට්කා ගිවිසුම, තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට යාම, රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම, අවිධිමත් මුදල් කළමනාකරණය ආදී කරුණුවලට විරෝධය දක්වා මෙම එක් දින වර්ජනය පවත්වනු ලබන බවද සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.