(දයාසීලි ලියනගේ)
රජයේ රෝහල්වල වෛද්‍යවරු පසුගිය සිකුරාදා පැවැත් වූ සංකේත වැඩවර්ජනය නිසා රෝහල් කටයුතු මුළුමනින්ම පාහේ අඩාළ වී තිබිණි.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස බලකරමින් පැවැත් වූ මෙම වර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහභාගි වී සිටියහ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වල චැනල් සේවා සඳහා ද සහභාගි නොවූ බව වාර්තා වේ.
වෛද්‍යවරුන්ගේ වර්ජනය නිසා සිකුරාදා ප්‍රතිකාර සඳහා රට පුරා රජයේ රෝහල්වලට පැමිණි අතිවිශාල රෝගීන් පිරිසක් දැඩි අසීරුවට පත්වී සිටියහ. සියලු රෝහල්වල හදිසි ප්‍රතිකාර පමණක් පැවැත්වුණි.
මේ අතර උතුර හා නැගෙනහිර පළාත්වල සේවය කරන රජයේ වෛද්‍යවරුන්ගෙන් 500 ක පමණ පිරිසක් කොළඹ පැවැති විරෝධතාවට සහභාගි වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.