බස්නාහිර පළාතේ
ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්
විපක්ෂ මන්ත්‍රීවරයෙක්
ඩුබායි රටේ දී කෑම බීම හෝටල් පහසුකම් දීලා
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාල නායකයෙක් ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් හා විපක්ෂ මන්ත්‍රීවරයෙක් පිළිබඳ තොරතුරු හෙළිවී ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම දේශපාලනඥයන් දෙදෙනාම බස්නාහිර පළාතේ එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කරනු ලබන අය බව ද සඳහන් වේ. මාකඳුරේ මධුෂ් ඩුබායි සිටින කාලයේ මෙම දේශපාලනඥයන් දෙදෙනා එරට සංචාරවලට ගිය අවස්ථා ගණනාවක දී සුපිරි හෝටල්වල නවාතැන් පහසුකම් ලබාදී කෑම බීම සපයා ඇති බවත් ඒ වෙනුවෙන් මධුෂ් අතපය දිගහැර වියදම් කර තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
මාකඳුරේ මධුෂ් මෙරටින් පලා ගිය කාලයේ සිටම මෙම දේශපාලනඥයන් දෙදෙනා සමග කිට්ටු සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
මෙම දේශපාලනඥයන් දෙදෙනා ඩුබායි ගිය අවස්ථාවලදී සලකා ඇත්තේ එම හැඳුනුම්කම අනුව බව ද ඔහු ප්‍රකාශ කළේය.
මධුෂ් හා මෙම දේශපාලනඥයන් දෙදෙනා අතර පැවැතියේ කුමන ආකාරයක සම්බන්ධයක් ද ගනුදෙනුවක් ද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමුකර වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යන බව ද ඉහළ පෙළේ ආරංචිමාර්ග සඳහන් කරයි. අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී මෙම දේශපාලනඥයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට ද පොලිසිය බලාපොරොත්තු වෙයි.