(නිශාන්ත කුමාර බණ්ඩාර)
සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත්වූවන්ගේ ගැටලුවට ආණ්ඩුව මෙතෙක් විසඳුම් ලබානොදීම නිසා අධිකරණයේ පිහිට පැතීමට ක්‍රියාකරමින් සිටින බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වෙයි.
ඒ සඳහා වූ අවශ්‍ය ලියකියවිලි මේ දිනවල සකස් කරමින් පවතින බවත් ඒවා සූදානම් කිරීමෙන් පසු අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට ක්‍රියාකරන බවත් අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් වූ ජනතාව පවසති. ඇතැම් පුද්ගලයන්ට තක්සේරු වටිනාකම ලබාදී හෝ ඒ පිළිබඳ ක්‍රමවත් වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති අතර පිපිරීමෙන් වාහනවලට සිදුවූ අලාභ සඳහා වන්දි ගෙවීමට කිසිදු ආයතනයක් මේ වනතුරුත් වගකීම භාරගෙන නැතැයි ඔවුහු ප්‍රකාශ කළහ.