සිකුරාදා වර්ජනයෙන් රෝහල් ප්‍රතිකාර අඩපණයි


 

(දයාසීලි ලියනගේ)
ඉල්ලීම් තුනක් මූලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සිකුරාදා (5) පැවැත්වූ වර්ජනය නිසා රටපුරා සියලුම රෝහල්වල පාහේ ප්‍රතිකාර කටයුතු අඩාළ වී තිබූ බව වාර්තා වේ.


සයිටම් ආයතනය ජනසතු කිරීම, අහෝසි කළ විශ්‍රාම වැටුප යළි ක්‍රියාත්මක කිරීම හා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසන තුරු ගිවිසුම් සඳහා අත්සන් නොතැබීම මෙම වර්ජනයේ මූලික ඉල්ලීම් විය. රෝහල්වල හදිසි අනතුරු ඒකකය, ළමා හා මාතෘ රෝහල්, පිළිකා රෝහල හා වකුගඩු ප්‍රතිකාර ඒකක පමණක් සිකුරාදා දිනයේ ක්‍රියාත්මක වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක නලින්ද හේරත් මහතා කීය. වෛද්‍ය වර්ජනයට සහාය දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම, වර්ජනය කිරීම ආදිය පවත්වා ඇත.