ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ ඉකුත්දා අභාවප්‍රාප්ත විය.
බ්‍රසීල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියයන විට 82 හැවිරිදි වියෙහි පසුවූ බව වාර්තා වේ.
15 හැවිරිදි වියේ දී බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් පේලේ ජාත්‍යන්තර තරග බිමට පිවිසියේය.
1958, 1962 සහ 1970 දී යන වර්ෂවලදී තෙවරක් පාපන්දු ලෝක ශුරතාව බ්‍රසීලයට දිනාදීමට දායකත්වය දැක්වූ පේලේ 2000 වර්ෂයේ දී සියවසේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කර තිබුණි.
ඔහු බ්‍රසීලය වෙනුවෙන් තරග 92කදී ගෝල 77ක් ඇතුළුව වසර 21ක වෘත්තීය ක්‍රීඩා ජීවිතය තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තබා තිබේ.
ඔහු මියගියේ වකුගඩු ආශ්රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දීය.