(නිශාන්ත කුමාර බණ්ඩාර)
සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන අංශ 5 ක කොරෝනා රෝගීන් හමුවීම නිසා අඩපණ වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
70 කට වැඩි සංඛ්‍යාවක් දැනට නිරෝධායනය වී ඇති අතර රෝගීන්ගේ ආශ්‍රිතයන් ගත් කල මීට වඩා රෝගීන් සංඛ්‍යාවක් ඇතිවීමේ අවදානමක් පවතියි.
කොරෝනා රෝග මර්දනයේ දී ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ආයතනය වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයයි.
මේ තීරණ ගන්නා ප්‍රධානීන් දක්වාම මේ ආශ්‍රිතයන් පැමිණීමේ තත්ත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසීය.
මේ තත්ත්වය තවත් ඉදිරියට පැවතුනහොත් තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ද ගැටලු මතුවිය හැකියි.
මේ නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ක්‍රමවේදයන් සකස් කළ යුතුව ඇති අතර ඒ සඳහා ද සෞඛ්‍ය අමාත්‍යංශය අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. ඉදිරියේදී කොරා්නා රෝගය සෞඛ්‍ය අමාත්‍යංශය ආක්‍රමණය කිරීමේ තත්ත්වයක් පැවතීමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.