හිටපු ජනපති මෛත්‍රීට රජයේ විශේෂ තනතුරක්


(අජන්ත කුමාර අගලකඩ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරියේදී රජයේ විශේෂ තනතුරක් හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී කඩිනමින් සම්මත කර ගැනීමට රජය අදහස් කර ඇති අතර ඉන් පසුව මෙම තනතුර ඔහුට හිමිවනු ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.


නව රජයේ කැබිනට් මණ්ඩලය ගිය සතියේ දිවුරුම් දුන් නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැති ධුරයක දිවුරුම් දුන්නේ නැත. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමැති ධුර 2ක් සහ රාජ්‍ය ඇමැති ධුර 3ක් එහිදී හිමිවිය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමැති ධුර හතරක් සහ රාජ්‍ය ඇමැති ධුර හතරක් ලබාදෙන ලෙස ඉල්ලමින් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට ලිපියක්ද යැවූ බවට වාර්තා විය.