හිටපු මහ බැංකු අධිපතිගෙන් පැය 24ක් ප්‍රශ්න කරලා


(මනෝප්‍රිය ගුණසේකර)
ආන්දෝලනයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දින හතරකදී පුරා පැය 24ක කාලයක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් ප්‍රශ්න කර බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීහු එම ප්‍රකාශ සටහන් කර ගත්හ.

පසුගිය 10 වැනිදා පැය පහකට අධික කාලයක් පුරාත් ඉන් අනතුරුව 13 වැනිදා පැය නවයකට ආසන්න කාලයක් පුරාත් ඉන් අනතුරුව 14 වැනිදා පැය හතකට ආසන්න කාලයක් පුරාත් ඉන් අනතුරුව 15 වැනිදා පැය තුනකට ආසන්න කාලයක් පුරාත් කොමිසමේ විමර්ශන නිලධාරීන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  මහතාගෙන්  ප්‍රශ්නකොට ප්‍රකාශ සටහන් කරගෙන ඇත. සිය නීතිඥවරුන් පිරිසක් ද සමඟ බැඳුම්කර කොමිසමට පැමිණි අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ තොරතුරු කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ හෙළිකොට ඇතැයි දැනගන්නට තිබේ.