හිතවතුන් පත් කරගන්න බැරිව ඇමැති පිරිසක් නොසතුටින්


(දයාසීලි ලියනගේ)  

අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් ලෙස තමන්ට අවශ්‍ය පුද්ගලයන් පත්කර ගැනීමට නොහැකි වීමෙන් ඇමැතිවරුන් ගණනාවක් යම් අසීරුතාවකට පත් වී සිටින බව වාර්තා වේ.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය මත ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා සුදුස්සන් නම් කිරීමට කමිටුවක් පත්කර ඇත. මෙම කමිටුවට ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබූ අයගෙන් සුදුස්සන් තේරීම සිදුවෙයි.  


මෙසේ තෝරා ගන්නා බහුතරයක් නිලධාරීන් ඇමැතිවරයාගේ හිතවතුන් නොවීම නිසා, අද‌ාළ ඇමැතිවරුන් බහුතරයකට විවිධ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වී ඇති බව දැනගන්නට ඇත.  


 එක්තරා ඇමැතිවරයෙක් පමණක් ඔහු යටතේ පවතින ආයතනවලට ඔහුට කැමැති නිලධාරීන් පත් කරගෙන සිටින බව ද කියති.  


 ඇමැතිවරයා හා සම්බන්ධකම් නොමැති ආයතන ප්‍රධානීන් පත් කිරීම මගින් ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් ගණනාවක් අසීරුතාවයට පත් වී සිටින බව වාර්තා වේ.