උතුරේ ඓතිහාසික / පුරාවිද්‍යාත්මක සිද්ධස්ථානයක් වූ නාගදීපය නයිනතිවු නමින් වෙනස් කර ඇතැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පසුගියදා පාර්ලිමේන්තු සභාගර්භයෙන්ම මතුවූ බව පුවත්පත්වල පළවිය. යාපනේ අර්ධද්වීපයේ පමණක් නොව මුළු උතුරු නැගෙනහිර දෙපළාතේම මේ වනවිට ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැත්තෑ හතේම අඩු වැඩි වශයෙන් මෙවැනි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක හේතු පදනම්ව භාවිත වූයේ නම් අද වනවිට වෙනස්ව රාජ්‍ය ලේඛන ගතව ඇත.
මෙම ලිපියෙන් ඒ පිළිබඳව හෙළිදරවුවක් කරමි. තම ඉතිහාසය නොදන්නා ජාතිය, තුලාබරව පවත්වා ගැනීමට යොදාගන්නා නැවක් මෙන් ඔහේ පාවෙනු ඇතැයි කියමනක් ඇත. ක්‍රි.පූ. 150 දී පමණ ග්‍රීක් ඊජිප්තු ජාතික ක්ලෝඩියස් ටොලමි විසින් එවකට ටැප්‍රෝබේන් නමින් හඳුන්වනු ලැබූ අප රටෙහි ඇඳ ඇති පළමු සිතියමෙහි නාගදීපය ලකුණු කර ඇත. ලංකාදීප නමින් මෙරට හැඳින්වූ පෘතුගීසි සිතියමෙහිද, ලන්දේසීන් විසින් සම්පාදනය කෙරී ඇති 1766 සිතියමෙහිද නාගදීපය ලකුණු කර ඇත. එකල දමිල බස ව්‍යවහාරයෙහි තිබී නැත. “තීවු” යන්න දමිල බසින් දූපතය. නයිනතිවු, ඉරෙනතිවු, කරතිවු, පුන්කුඩුතිවු, අනලතිවු, මන්ඩතිවු ආදී නම්වලින් හඳුන්වන දූපත් කිහිපයක්ම ඒ අසල ඇත. ඒවා එදා හඳුන්වා ඇත්තේ මුලදීප, පියගුදීප, කරදීප ආදී සිංහල නම්වලිනි. ඒ විශාල සිංහල ජනගහනයක් ඒවායේ සිටි නිසාය. වසභ රජතුමාගේ ඉසගිරි ඇමැති පියගුදීපයෙහි සිට ඒවා පාලනය කර ඇත. වල්ලියේර මහරහතන් වහන්සේ වැඩසිටි වල්ලිපුර අද වල්ලිපුරම්ය.
බුදුන් වහන්සේ මෙරටට වඩින කල අප යක්ෂ (රාක්ෂ), නාග, දේව ආදී වශයෙන් ගෝත්‍ර තුනක්ම රටේ පදිංචිකරුවෝ වූහ. දෙවන වරටත් බුදුන් මෙරටට වඩින විට නාග ගෝත්‍රකයන් ජීවත් වූයේ නාගදීපයේය. එදා විජය අප රටේ බලය තහවුරු කරගත්තේ ද රාක්ෂ හෙවත් යක්ෂ ගෝත්‍රික කුවේණිය සිය බිසව කර ගැනීමෙනි. පසුව විජය දකුණු ඉන්දීය කාන්තාවක් ගෙන්වාගෙන සිය බිසව වශයෙන් තබා ගත්තේය. කුවේණිය තම ඥාතීන් අතරට පලා ගොස් පසුව යක්දෙස්සා ගලින් පැන දිවි නසා ගත් බව සඳහන්ය. තෝනිගල විලාකටුපොත ආදී වයඹ පෙදෙස් එදා රාක්ෂ ගෝත්‍රික ජනාවාසය. දේවානම්පියතිස්ස රජතුමාගේ සොයුරු මහානාග රුහුණේ නාග ජනාවාස ආරම්භකයා වේ. සිරිමාබෝ ශාඛාව රැගෙන ආ සංඝමිත්තා තෙරණිය ගොඩබැස්සේ නූතන යාපනයේ කාලිවයික්කාල් ඔය මුහුදට වැටෙන මෝය අසල පිහිටි වරායෙනි. තවත් මතකයක් නම් ඒ අසලම පිහිටි ගල් කණ්ඩියක් සහිත වරායකට බවය. මෙම වරායන් දෙකම පුන්කාලෙයි - මාදගල් බස් පාරෙහි පිහිටා ඇත.
අද එම ස්ථානය වල්ලිකාමම් නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වූ සන්දිලිපායි නමින් හඳුන්වයි. දඹකොළ පටුන කියන්නේ බෞද්ධයින්ය. පසුගිය වසරෙහි එහි ගිය මම මේ පිළිබඳව එහි ප්‍රදේශවාසීන්ගෙන් විමසා බැලුවෙමි. ඔවුන් එම නම දැන සිටියේ නැත. දඹකොළ පටුන විහාරය හා ආරාමය පසුගිය සමයෙහි එල්.ටී.ටී.ඊ. විසින් විනාශ කරන ලදුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම සිද්ධස්ථානය යළි පිළිසකර කර ඇත. එහිදී මා ගත් ඡායාරූපයක් මෙම ලිපියට අඩංගු කොට ඇත. ශ්‍රී මහා බෝධිය තුන් දවසක් තබා තිබූ තිස්ස මළුව අද පරාලෙයි ගමය. චූලෝදර මහෝදර නා රජුන් සමගි කරවීමට වැඩි කදුරුගොඩ ගම දැන් “කන්දරෝඩීය”. එදා යුද්ධය සිදුවීමට නියමිත වූ මලල්ගම අද මල්ලාකම්ය. නීලගිරි වෙහෙර තිබූ ගම අද පුත්තූර්ය. වැලිගම වැලිකාමම්ය. හුණුගම චුන්නාකම්ය. ලිපිය කෙටි කළ යුතු නිසා යාපනය පිළිබඳ තවදුරටත් කරුණු නොදක්වමි.
යාපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකක් හෝ කදුරුගොඩ තිස්සපුර මාදගල් ආදී නමකින් සඳහන් කරන්න බැරිද? මුලතිව් දිස්ත්‍රික්කයේ ද එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකවත් සිංහල නමකින් හඳුන්වා දී නැත. එදා මුලදීප වූ ප්‍රදේශය ඛල්ලාට නාග (කල්ලාට නාග) නම් නාග ගෝත්‍රික රජකු පාලනය කළ සිංහල රාජධානියකි. මොහු සද්ධාතිස්ස රජතුමාගේ පුතාය. දුටුගැමුණුගේ ඥාති පුත්‍රයෙකි. කුරුන්ද පාසාන රජමහා විහාරය මෙහි තිබුණේය. කුරුන්ද අර්ථ කතා ලියුවේ මෙහිදීය. මෑතක් වනතුරු අ. 78, රූඞ් 02, පර් 13 විහාරය සතුව පැවතියේය. අද තත්ත්වය නොදනිමි. යාපනේ අවතැන් වූ සිංහලයන් මෙහි පදිංචි කළ යුතුය. සිංහල බෞද්ධයන් නැති වුවහොත් වෙහෙර විහාර ඉබේම නැතිවේ. ක්‍රි.ව. 650 දී පමණ අග්බෝ රජතුමා කරවූ කුරුඳු වැව අද තන්නිමුරුප්පු වී ඇත. ප්‍රභාකරන්ගේ සබ්මැරීන් හමුදාව පුහුණු කළේ මෙහි සිටය. එය සබ්මැරීන් බළකායේ මූලස්ථානය විය. “ෆාරා ෂෂ” නැව අත්අඩංගුවට ගෙන තබා ඇත්තේ වෙල්ලමුල්ලි වයික්කාල් කළපුවෙහිය. වවුනියා දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරෙහිද එකම සිංහල නමක් නැත. විශාල සිංහල ජනගහණයක් ඇති වවුනියා දිස්ත්‍රික්කයේ පෙරදී සිංහල පත්තුව නමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තිබිණි. මඩුකන්ද ගමේ දළදා විහාරයක් තිබේ. සංඝමිත්තා තෙරණිය සමඟ පැමිණි සිටුකුල පිරිස් වවුනියාවේ ජනාවාස ආරම්භ කළහ. අද වෙට්ටිකුලම් වී ඇත්තේ එම ප්‍රදේශයයි. තුන්වන ශත වර්ෂයට අයත් නෙලූකුල විහාරය හා ආරාමය මෙහි තිබිණි.
නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කය හා මඩකළපු දිස්ත්‍රික්කය ද පුරාණ දිගාමඩුල්ල රාජධානියට අයත් ප්‍රදේශයයි. දීඝවාපී, කුඩුම්බිගල, නෙළුගල, රහක්ගල, මාන්තොට, පුලුකුණාව ආදී ඓතිහාසික ස්ථාන රැසක් එහි ඇතත් අඩු වශයෙන් දිගාමඩුල්ල හෝ දීඝවාපී යැයි සිංහල නමකින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් නැත. පුරාණ ගලඔය, වෑගමපත්තු ආදී නම් භාවිතයෙන් ඉවත්ව ඇතත් පෘතුගීසීන්, ලන්දේසීන් හඳුන්වා දුන් නම් හිස් මුදුනෙන් ගනිමින් අදත් භාවිතයෙහි යොදවා ඇත. මැරිටයිම්පත්තු, කෝරලේපත්තු, මන්නමුනේපත්තු, එරමැල්පත්තු, එරාවුර්පත්තු ආදිය මේවාට උදාහරණය. මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාණ කොට්ඨාස හෝ විශාල සිංහල ජනගහනයක් සිටි නෙළුගල, වඩමුනේ ගම් වෙනුවෙන් එකද සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් නැත. ෂෂ වන වික්‍රමබාහු, ෂෂ වන ගජබාහු පිය පුතු දෙදෙනාම මිහිදන් කළේද කොට්ඨාසාරය, ෂෂ වන රාජසිංහ යුගයෙහි මඩකලපුව පාලනය කළේ රඹුක්වැල්ල නම් දිසා පාලකයෙකි.
1972 තරම් මෑත කාලයකදී වඩුමුනේ නෙළුගල ආදී ගම්වල පදිංචි වී සිටි සිංහලයන් හා මුස්ලිම්වරුන් ඔවුන් සිටි නිවෙස්වලට ගිනි තබා පන්නා හරින ලදී. ඔවුන් ගැන සොයා බැලීමට සිංහල ප්‍රා.ලේ.වරයකු නැත. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකා පටුන වරායෙන් හේමමාලා හා දන්ත කුමරු දළදාව රැගෙන මෙරටට ගොඩ බැස්සෝය. අද ලංකා පටුන වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉච්චලම්පත්තුවේ ඉලංගතුරේ යැයි නම්කර ඇත. එදා දළදාව තැබූ සමුද්‍රාගිරි විහාරය අද තිබේද? සුරිය නගර් හින්දු කෝවිල පිහිටුවා ඇත්තේ ඒ අසලද කියා සොයා බැලීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත්ය. ලෝක බැංකු ආධාර යටතේ සුරිය නගර් කෝවිලට යන හා ඉලංගතුරේ පාසලට යන මාර්ග වැඩිදියුණු කිරීමට ටෙන්ඩර් කැඳවා දැන්වීමක් 2015.11.16 දින ඬේලි නිවුස් පුවත්පතෙහි පළකර තිබිණි.
අද සිටින සිංහල හා ද්‍රවිඩ නායකයන් ඉතිහාසය ගැන අවබෝධයක් නැතිව හෝ දේශපාලන බලය රැක ගැනීමට හෝ මෙම කරුණු නොදන්නවා මෙන් පෙන්වීමට කටයුතු කරනවා විය යුතුය. භෞතික සැප සම්පත්වලින් ආධ්‍ය බටහිර රටවල් කොළ අතු ඇඳි කාල යටත් පෙර සිට අවුරුදු දෙදහසකටත් වඩා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් අපට ඇත. අපේ රට නැගෙනහිර ලෝකයේ වෙළෙඳ මධ්‍යස්ථානය විය. රට වටේම වෙළෙඳ වරායන් තිබිණි. චෝල වාංශික එළාර රජු අනුරාධපුරයේ රජ වීමත් සමඟ රටේ ද්‍රවිඩ බලය අවුරුදු හතළිහක් පමණ පැතිරිණි. දඹදෙණි යුගයෙහි දෙවන පරාක්‍රම රජ දවස රට රුහුණ යනුවෙන් ගම් 110,000 ක ජනගහනයෙන් 52% ක්ද, පිහිටි ගම්මාන 450,000 ක ජනගහනයෙන් 31% ක්ද, මායා ගම්මාන 250,000 ක ජනගහනයෙන් 17% ක් වශයෙන් ගම් 1470,000 ක් ත්‍රි සිංහලේ වශයෙන් පාලනය විය. පහළොස් වන ශත වර්ෂය වන විට ඉන්දීය සාගරය අවට රටවල් සමඟ වෙළෙඳාමෙහි යෙදී සිටි අරාබි ජාතිකයෝ ද ලංකාවේ මුහුදුබඩ පදිංචි වී සිංහල කාන්තාවන් විවාහ කර ගත්හ. කෝට්ටේ සිට සිංහල රජුන් රාජ්‍ය මෙහෙය වූ අතර යාපනය, වන්නිය, මඩකළපුව, නුවර කලාවිය ආදී ප්‍රදේශවල සිට ඔවූහු සිය වෙළෙඳ ව්‍යාපාර කටයුතු කරගෙන ගියෝය.
වන්නිය යාපනය ආදියෙහි පත්තු ආරක්ෂක කලාප වශයෙන් පැවති අතර 1766 දී ඕලන්ද අණදෙන නිලධාරි ඇන්තනි මුයාට් යටතෙහි පාලනය විය. පසුව යාපනය සපුමල් කුමාරයාගේ පාලනයට අයත් විය. එකල මන්නාරමේ පල්ලියක යාඥා කරමින් සිටි කෞරව කුල කතෝලිකයන් හයසීයක් පමණ මරා දමා සංකිලි රජතුමා ප්‍රදේශයේ බලය අයත් කර ගත්තේය. පසුව සංකිලි අල්ලාගත් පෘතුගීසීහු ඔහු ගෝවට ගෙන ගොස් හිස ගසා දමා යාපනයේ ඔවුන්ගේ බලය රඳවා ගත්තෝය. ඕලන්දයන්ගෙන් ආධාර ලබා ෂෂ වන රාජසිංහ පෘතුගීසීන් පළවා හැර යාපනය ද තමා යටතට ගත්තේය. මෙම සත්‍ය ඉතිහාසය ගැන කථා කිරීම හා ලිවීම ජාතිවාදය ඇවිස්සීම යයි පනතක් මඟින් නීතිගත කොට දඬුවම් ලබාදීමට බලාපොරොත්තු වන්නේ නම් ලොව ඉපැරණිම ජාතියක් වශයෙන් සමාජ විද්‍යාඥයන් හඳුන්වා දී ඇති සිංහල ජාතියට කාගේ පිහිටද?
ඇස්.බී. කරල්ලියද්ද