කුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර වෙරළ තීරයන් අතුරින් Blue Beach Island නිල්වැල්ල වෙරළ තීරයට හිමිවන්නේ සුවිශේෂි තැනකි. එක් අයුරකින් මෙය පුංචි දූපතකි. නිල්වැල්ල වෙරළ සහ දූපත කලක සිට විශේෂ වන්නේ දේශීය සංචාරකයන් මෙන්ම විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් කිමිදුම් කටයුතු සඳහා ඇති සුන්දර වෙරළ තීරයක් ලෙසය. එහෙත් විදේශිකයන් නිල්වැල්ල වෙරළ තීරයට වැඩිපුර පැමිණෙන්නේ නිරන්තර කිමිදුම් කටයුතු සඳහාය. නිල්වන් මුහුදු තීරයකින් වටවී ඇති මෙම දූපතේ වැඩි කොටසක් පාෂාණමය කන්දකි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_db64493340.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_c100137898.jpg)
කෙසේ නමුත් සමුද්‍ර නීතියට පටහැනිව කරන ලද ඉදිකිරීම් ඉකුත් වසර කීපයක් තුළ සිදුව ඇත්තේ, සයුරේ රළට ඇති ගලා යාමේ නිදහසට ද බාධාකරමිනි. මේවා බොහොමයක් වසර 15 කට වැඩි කාලයක් තුළ සිදුව ඇති බවත්, දේශපාලන මැදිහත්වීම් ඒවාට ඉවහල් වී ඇති බවත්, බෙහෝ දෙනා කියති. ඇතැම් විදේශිකයන් විසින් අනීතික ලෙස පවත්වාගෙන යන සංචාරක නිකේතන හා රෙස්ටුරන්ට් නිසා අපට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය අප්‍රකාශිතය.
මෙම වෙරළ තීරය අවට නොගැඹුරු මුහුද ආරක්ෂිත මුහුදු තීරයකි. ඒ නිසාම මෙම වෙරළ තීරය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ දිය නෑමට ඉතා සුදුසු වෙරළ තීරයක් ලෙසය. දූපතට පිවිසීම සඳහා වැලි පාරකි. මුහුදු දියරැල්ල වේදිකාවක තිරය විවර වන සේ දෙපසට ඇදී ගොස් නිමේෂයක විරාමයක් ලබාදෙන්නේ එම වැලිතීරයෙන් එගොඩවීමටය. වැලි පාරේ දුර මීටර් 14 ක් පමණ වෙයි. දූපත පුරා ඇවිද යාහැකි වන පරිද්දෙන් - විශේෂිත පාෂාණ හා තෘණ විශේෂයක් මත මග සැකසී ඇත . අව් රශ්මිය තරමක් පරුෂ වුවත් සත් සමුදුර සිප එන සිසිල් සුළං සිව්ගතම වේලාගන්නේ අමුතුම ආශ්වාදයක් ලබාදෙමිනි. ගල්පරවල තරගයට මෙන් ගැටෙන නිල්දිය රැළි සුදෝ සුදු පෙණ නංවමින් ඉහළට ඇදී විසිරීයන්නේ නිලා පත්තුකළාක් වන් දසුනක් මවමිනි. දූපත පුරා ම ස්වාභාවික ලෙසම වැවී ඇති වැටකෙයියා රුප්පාව හිරු රැස් මඬින වියනක් බඳු ය. වැටකෙයියා රුප්පාව මැදින් වැටුණු අඩිපාරේ ඉදිරියට හා වමට ගමන් කළ හැකි ය. එහි කෙළවර අවසන් වන්නේ ගල්තලාවකිනි. ඒවා විවිධ හැඩතල ගත් ගල්පර ය.
බීච් කෑම්පින්වලට ලස්සන ම වෙරළ
හිරු මෝදු වුවද හමන සිසිල් සුළඟ නිසා හිරුරැස් පරයා සිසිලස ගතට දෙන්නේය. මෙම වෙරළේ සිට නරඹන විට හිරු නැගීම සහ හිරු බැස යාම ඉතාම සංවේදිය. එනම් මුළු අහසම පසුතලයන් රතු පැහැතිය. Blu Beach island නිල්වැල්ල වෙරළ බීච් කැම්පින්වලට ඉතා ප්‍රසිද්ධය. රාත්‍රී කාලයේ කඳවුරු බැඳ ගිනිමැල ගසා විනෝදාත්මකව රාත්‍රිය ගත කිරීමට ඇතැම් තරුණ තරුණියයෝ කටයුතු කරති. කඳවුරු බඳින්නේ නම් හිතුමනාපෙට කඳවුරු බැඳීමට නොහැකි අතර, එම අවස්ථාවන් සංවිධානය කරන අය ද සිටිති.
නිල්වැල්ල මුහුදු යට කලාගාරය
ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ ඉදිකළ මුහුද යට කෞතුකාගාරය මේ වන විට නිල් වැල්ලට යන සංචාරකයින්ට නැරඹිමේ හැකියාව ද පවතින අතර මෙය ලංකාවේ දිය යට ඉදිවූ පළමු කෞතුකාගාරය ලෙසද ඉතිහාසයට එක්වනු ඇත.
මෙම දිය යට කලාගාරයේ සියලු නිර්මාණ කටයුතු සිදුකර ඇත්තේ ද නාවික හමුදාව විසිනි. ඒවා සිමෙන්ති සහ පරිසර හිතකාමි ද්‍රව්‍යවලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. ස්වභාවික මත්ස්‍ය අභිජනන ක්‍රියාවලියට අත්වැලක්වීම සහ සංරක්ෂණය මෙහි මූලික අරමුණ වන අතර මෙම කලාගාරයට පිහිනා ගොස් හෝ වීදුරු පතුල සහිත ඩිංගිබෝට්ටු මගින් ගොස් නැරඹීමට හැකියාව ඇත.
මෙම කලාගාරයේ පැරැණි වාහන කොටස්, සැහැල්ලු ගුවන්යානා කොටස් සහ නාවික හමුදාව විසින්ම නිර්මාණය කරන ලද කළ භාණ්ඩ තැන්පත් කර ඇති අතර, ගල්කුට්ටිවලින් කළ නිර්මාණවල ස්ථරයන් මත්ස්‍ය අභිජනනයට උචිත පසුබිමක් වී ඇත.
බදුල්ලේ
පාලිත ආරියවංශ