අලව්වේ, රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.
පංසලේ බඩු සොරා ගත් සිමියොන්ට මහමග උරුම විය.
දැනට දසක කීපයකට පෙර වන්නි පළාතේ ජනශූන්‍ය එක්තරා නොදියුණු ගමක සිමියොන් නම් ගැමියෙක් වාසය කළේය. ඔහු ජීවිකාව ගෙන ගියේ කුඩා කුඹුරක් ෙගාවිතැන් බත් කර ගනිමිනි. පවුල් බරින් තොර ඔහු සාධාරණ ලෙසින් දිවි ගෙවූ හොර බොරු හා වංචාවලින් තොර වූවෙකි. ගමේ නිවසක වහලක් සෙවිලි කිරීමකදී, ගොයම් මැඩවීමකදී සී සෑමකදී සහ පිරිතක් පිංකමකදී වැනි කටයුතුවලදී එකල පැවති එකිනෙකාට උදව් උපකාර කර ගැනීමේ පදනම පැවැති හෙයින් සිමියොන් ද කා අතරත් හොඳහිත දිනාගෙන සිටි අයෙකි.
මෙම ගමේ පැරණි කුඩා පංසලක් පිහිටා තිබුණේය. නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ ස්වාමීන් වහන්සේලා එහි වැඩ වාසය කළත් කලින් කල ස්වාමීන් වහන්සේලා නොමැති කාලවකවානුද තිබුණි. මේ එළැඹියේ එවැනි කාල වකවානුවකි. ගමේ සිටි සුළු දායක පිරිසට පංසල පාළුවට යාම ගැන මහත් ගැටලුවක් විය. දිනක් ගමේ දායක පිරිස පංසලට රැස්වී මේ ගැටලුව සාකච්ඡා කළහ. කෙසේ හෝ ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා නවත්වා ගත යුතුය. එසේම පංසලට ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා ගන්නාතුරු සහ ඉන් පසුවත් පංසල වල්බිහිවීම හා පාළුවට යාම වැළැක්වීම සඳහා යහපත් වැඩපිළිවෙළක් කඩිනමින් සකසා ගත යුතුයයි සාකච්ඡාවේ තවත් අරමුණක් විය.
අවසානයේදී තීරණය වූයේ පංසල ආරක්ෂා කිරීමට හා බලාහදා ගැනීමට කෙනෙකුගේ කැමැත්ත ලබා ගැනීමයි. එහිදී සිමියොන්ට පංසල භාරදීමට කවුරුත් එකඟ වූයේ ඔහු කෙරෙහි තිබූ විශ්වාසය නිසාය.
ගම්මුන් විසින් ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා ගන්නාතෙක් නොවරදවාම බුද්ධ පූජා පැවැත්විය යුතු අතර ඒ සමඟම අවිවාහකයෙකු නිසා සිමියොන්ට බත්මුල බැගින් දිනපතා ලබාදීම සුදුසු බවත් පැවසූ අතර පංසල බලාහදා ගැනීමට සිමියොත් එකඟ විය.
දැන් සිමියොන් පංසල බලාහදා ගනියි. නිතර පංසලේ ගත කරයි. රාත්‍රියේ පංසලේ නිදා ගනියි.
මෙසේ කාලය ගෙවී යද්දී එක් රාත්‍රියක පංසලේ යතුරු දමා තිබූ පෙට්ටගමක් සිමියොන්ගේ ඇස ගැටුනි. එය විවෘත කර බැලීමට මහා කුතුහලයක් ඇති විය. නොයෙක් උපක්‍රම යොදා පෙට්ටගම විවෘත කළ විගස ඔහු විස්මයට පත්විය.
මොහු කිසිදිනක දැක නැති පෙට්ටගමේ තිබූ පැරණි මෝස්තර සහිත වටිනා පිඟන් කෝ්ප්පද, පළඟන්ද, ලියවැල්කොටා වැඩ දැමූ පිත්තල පහන්ද, උස ඉලත්තට්ටුද දැකීමෙන් පුදුමයට පත්වී ඉවසාගත නොහැකිව මහා තණ්හාවක් ඇතිවිය. එම භාණ්ඩ කෙරෙහි උපන් මහත් තණ්හාවෙන් මේවා කොපමණ වටීදැයි සිතමින් අතට ගෙන බැලීය.
‘කල දුටු කල වළ ඉහගන්’ කීවාක් මෙන් පසුදින සිට පෙට්ටගමේ බඩු එකින් එක අතුරුදන්වීමට පටන් ගත්තේය.
විහාරස්ථාන, පංසල්, ආගම දහම සුරකින සම්‍යයක් දෘෂ්ටික දෙවිදේවිතාවුන් වහන්සේලා මේ අවනඩු දකිති. සිමියොන් පංසලේ නිදා සිටියදී දෙපසින් ඇද දමන බවත් පංසලේ තුඹස් තුළින් නාගයින් මතුවී පෙනෙන බවත් බියකරු ශබ්ද ඇතිවී ගිනිගෙන දැවෙන ලොවක් සිහිෙනන් පෙනෙන බවත් අසල්වාසීන්ට පවසා පිස්සෙකුවී මහ මගට බැස යද්දී රෝගාතුරවී අකාලයේ දුක්විඳ මරණයට පත්වූ බව ගම්මු කියති. එසේම ගම්මුන් පැවසුවේ සොරකමේ විපාක මෙලොවදීම පලදුන් බවයි.
සාලියපුර පානියන්කඩවල රොබට් මුතුනායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.
මසුන් මරන්නාගේ ඉරණම
මෙම සිදුවීම මීට වසර 10කට පෙර රජරට සිදුවූ සත්‍ය සිදුවීමකි.
හේන් ගොවිතැන් කිරීමෙන් හා කුලීවැඩ කිරීමෙන් තම දරු පවුල ජීවත් කරමින් සිටි මෙම තරුණයා ඉඩ ලද විගස බිලිකටු යොදා හෝ දැල් එළා මාළු ඇල්ලීමද පුරුද්දක් වශයෙන් කරන ලදී.
කාලයක් මෙසේ මසුන් මරද්දී මල්වතු ඔය වැනි ජලාශවල සිටි මසුන් මැරීම සඳහා කළු ගල් කැඩීමට ගන්නාවූ ‘ඩයින මයිට් වැනි දේ ජලාශ පතුලේ පුපුරුවා හැරීම නිතර නිතරම සිදුවූ කරුණක් විය.
රටේ පැවති යුද පසුබිම තුළ නිවාඩු ලබා නිවාස වෙත පැමිණෙන සෙබළ මාර්ගයෙන් මෙම වෙඩි මිලදී ගැනීමට මසුන් මරණ අයට ද අපහසුවක් නොවිණ.
කල්යාමේදී මෙම වෙඩි තමන් විසින්ම නිෂ්පාදනය කිරීමට මසුන් මරන්නෝ අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා සිටියෝය.
අපගේ කථා නායකයාද එවැන්නන්ගේ එක් අයෙකි.
මෙම වෙඩිල්ල ජලාශයට දැමීමට පෙර ‘සුනුසහල්’ පොල් කූඩු වැනිදේ පළමුව ජලාශයට විටින් විට විසි කරනු ලැබේ.
ෙම්වා ආහාරයට ගැනීමට ගිජුවී රැස්වෙන ලොකු කුඩා මත්ස්‍ය රංචුව මැදට වෙඩි නූලට ගිනි දල්වා ජලාශයට දමනු ලැබේ.
ජලාශය පතුලේදී ගිඟුම්දී බෝතලය පුපුරා යෑමෙන් පසු එම ප්‍රදේශයට රැස්වුන සියලුම මත්‍ස්‍යයන් මියැදෙමින් හෝ ජලය මතුපිට ගැහෙමින් දිය මතුපිට පාවී යෑම සිදුවේ.
පසුව ජලයට බැස මත්ස්‍යයන් අල්ලා ගැනීම සිදු කරනු ලබති.
මෙයින් කුඩා මත්ස්‍යයන් විශාල ලෙස මියයන අතර ඔවුන් ප්‍රයෝජනයකට නොගෙන ලොකු මසුන් පමණක් අල්ලා ගනී.
සෙස්සෝ මියැදී ජලාශය පහළට ගසාගෙන යති.
දිනක් මොහු මිතුරෙකු සමඟ මෙසේ වෙඩිල්ලක් දමා මසුන් මැරීමට ඔය අසලට එක්විය. මිතුරා විසින් අසල ගලක් මතට නැග සුන්සහල්, පොල්කුඩු වැනි දේ විටින් විට ජලාශයට විසිකරණු ලබයි. මෙය ආහාරයට ගැනීමට ගිජුවූ මත්‍ස්‍යයන් රංචු පිටින් පැමිණ එකම ස්ථානයක පොර බදයි.
අනෙකා සාදාගන්නා ලද වෙඩිල්ල ජලාශයට දැමීම සඳහා තමා විසින් උරමින් සිටි බීඩියේ ගිනි දැල්ල වෙඩි නූලට ළං කළා පමණි.
ෙබා්තලයෙහි සවිකර තිබූ වෙඩිල්ල මසුන් රැඳි ජලයට දැමීමටත් පෙර තම අතෙහිම පුපුරා ගියේ මුළු ප්‍රදේශයම ගිගුම් දෙමිණි.
මේ කිසිවෙක් අදහාගත නොහැකිව අසල සිටි සිය මිතුරා මොහොතකකින් පසු සිය මිතුරා දෙස විපරමින් යුතුව බැලීය.
ඉහුරුණු පොල් මලක්සේ විසුරුණු අතැඟිලි මතින් රුධිරය වෑහෙද්දී ගල මත හිඳගෙන වේදනාවෙන් යුතුව තමන්ගේ පිළිසරණ යදින මිතුරා දැකීම බියකින් සිත දැඩිවිය.
අසලද කිසිවෙකු නැත. මිතුරා රැගෙන යාමටද පහසු ක්‍රමයක් නැත.
කළ යුතු එකම දේ ආධාර ඉල්ලා කෑගැසීම පමණි.
ෙමාවුන්ගේ විලාප හඬ ඇසුන පිරිස අනතුරක සේයාව හඳුනාගෙන රැස්වී තුවාලකරු රෝහල වෙත ගෙනයන ලදී.
අවසානයේ මොහුගේ අත වළළුකර අසලින් ඉවත් කරන ලදී.
උපතින් ලද දෑතින් තම අඹුදරුවන් ජීවත් කිරීමේ අරගලයක යෙදී සිටි මොහු දැන් එක අතක ආධාරයෙන් සිය අඹුදරුවන් ජීවත් කිරීමේ අරගලය කරනුයේ ජීවත්ව සිටින අයවළුන්හට ධර්මයේ සත්‍යතාව නිහඬව කියා පාමිණි.
උස්සාපිටිය එස්. රත්නායක මහතා ලියා එවූ කතාවකි.
කළ කළ දේ පල පල දේ
මධ්‍යම පළාතේ පොල් වත්තක මුරකරු ලෙස සේවය කළ ජෝති නැමැති සිහින් සිරුරක් හිමි පුද්ගලයකු මෙම වත්තේම සාදන ලද කටු මැටි ගැසූ අතු පැලක ජීවත් විය.
මෙම ඉඩමේ පොල් ගස්වලට අමතරව කිතුල්, කජු හා පුවක් වැනි ගස්ද තිබුණි. මොහු මුර රැකියාවට අමතරව කිතුල්ගස්වල මල් කපා රා බීම සිදු කරයි. එකල අද මෙන් රටබීම හල්, තැබෑරුම්, හොර සුරා තිප්පලවල් ප්‍රදේශයේ නොතිබුණි. එසේම රා මදින්නන්ට එරෙහිව පොලිස් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොතිබුණ නිසා ඔහු පදමට රා බී ඉතුරු හරිය විකුණා මුදල් ලබා ගත්තේය.
ඔහු හාවන් කුකුළන් වැනි සතුන් ඇති කරන අතර පසුව මරා මස්කර ඉතිරිය මුදලට විකුණයි. ඉඳහිට හෝ මෙම වත්තට එන ඉත්තෑවෙකුට හෝ ඌරෙකුට ඔහුගෙන් බේරුමක් නොමැත. සතුන් මැරීමේදී ගලකින් හෝ පොලු කැබැල්ලකින් ඔවුන්ගේ හිසට ගසා ඉන්පසුව රා මදින පිහියෙන් රහස් අවයව කපා දැමීමට ඔහු පුරුදුවී සිටි බවට බොහෝ දෙනා අතර මතයකි.
දිනක් ඈත පිටිසර ගම්මානයක ගැමියෙක් රා බීම සඳහා ජෝතිගේ පොල් වත්තට පැමිණ රා බී හොඳටම මත්වී අසල පිහිටි ඉඩමේ ගල් තලාවක වැතිර නින්දට වැටුණේය. නිදාසිටි ඔහුගේ කමිස සාක්කුවේ මුදල් නෝට්ටු කිහිපයක් තිබෙනු දැක ආශාවෙන් එය ගැනීමට කිට්ටු විය. සාක්කුවට අත දමනවාත් සමගම නිදා උන් පුද්ගලයා අවදිවී එක් අතකින් ජෝතිගේ රහස් ප්‍රදේශය අල්ලා ගත්තේය. අනෙත් අතින් ජෝති අමුඩයේ රඳවාගෙන සිටි පිහිය ක්ෂණයෙන් අතට ගෙන ඔහුගේ රහස් අවයව කපා දමන ලදී.
අධික රුධිරය ගැලීම හේතුවෙන් ජෝති මිය ගිය අතර ඔහු මිය යන මොහොතේදී ඔහු විසින් මරණ ලද සතුන් මරණාසන්න මොහොතේදී දඟලන ආකාරයෙන්ම දුක් විඳ මිය ගියේය. ඔහු කළ අපරාධ මේ ආත්මයේදීම පඩිසන් දුන් බව ප්‍රදේශවාසීහු අදත් පවසති.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.