හුණුපිටිය ගංගාරාම පින්බිමේ නවම් පෙරහරින් ...



කොළඹ හණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වන වාර්ෂික නවම් පෙරහර පසුගිය 11 වෙනි දින සුබ මොහොතින් ආරම්භවුණු අතර. ආරම්භක දිනයේ සධාතුක කරඬුව ආශ්‍රිත වතාවත් සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.

නවම් මහා පෙරහැරේ අවසන් මහා  පෙරහැර පසුගිය 12 වැනි නවම් පොහෝදා වීදි සංචාරය කළ අතර -  මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බුද්ධ ශාසන  ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අවසන් මහා පෙරහරෙ හි සධාතුක කරඬුව වැඩම කරවීම සඳහා කැළණි ගං මිටියාවතේ ආඩම්බරකාර මංගල හස්තියා වන කණ්ඩුල ඇත් රාජයා මතින් කරඬුව තැන්පත් කරන ලද්දේ බුද්ධශාසන ආගමික හා සංස්කෘත ඇමතිවරයා විසිනි.

උඩරට පහතරට සබරගමු නර්තන අංග හා තායිලන්ත, අරාබි, සංස්කෘතික නර්තන අංග  මෙන්ම අලි ඇතුන් රැසක් සමගින් ද මෙවරත්  පෙරහැර වර්ණවත් කර තිබූ අතර, දෙස් විදෙස් බැතිමතුන් රැසක් පෙරහැර නැරඹීමට එක්ව සිටියහ.