(රංජිත් රාජපක්ෂ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දක්වන බවත් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා මුත්තයියා ප්‍රභාකරන් මහතා පැවසීය.
ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවගේ දුක හඳුනන අයෙකු බවත් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා මේ බව පැවසුවේ නොර්වුඩ් බිලින්කිබොනි වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන් අවතැන් වූවන්ට අවශ්‍ය උපකරණ ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.