(හර්ෂණ තුෂාර සිල්වා)
ඉකුත් 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.2ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2018 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 9,644,728ක් වූ අතර 2017 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 9,344,839ක් වූ බව ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.
කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු යන අංශ ත්‍රිත්වයම පසුගිය වසරේදී ධන වර්ධන වේගයන් වාර්තා කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. එහිදි කෘෂිකාර්මික ආර්ථික කටයුතු අංශය සියයට 4.8ක වර්ධනයක් වාර්තා කර තිබෙන අතර කර්මාන්ත අංශය සියයට 0.9ක වර්ධනයක් ද සේවා අංශය සියයට 4.7ක වර්ධනයක් ද වාර්තා කර ඇත.
දැනට පවතින මිල ගණන් යටතේ කෘෂිකාර්මික අංශය පසුගිය වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට ලබා දී තිබෙන දායකත්වය සියයට 7.9ක් ලෙස ගණන් බලා තිබෙන අතර කර්මාන්ත අංශය සියයට 27කින් ද සේවා අංශය සියයට 56.8කින් දායකත්වය ලබා දී තිබේ. සහනාධාර අඩු කළ පසු භාණ්ඩ මත අය කෙරෙන ශුද්ධ බදුවලින් දළ දේශීය නිෂ්පාදිතයට සියයට 8.3ක දායකත්වයක් ලබා දී ඇතැයි ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2018 දී ආර්ථික වර්ධනයක්
Recommended Articles