2018 වසරේ විදෙස් සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්


(තිළිණි ද සිල්වා)

විදෙස් සංචාරකයින් විසි තුන් ලක්ෂ තිස්තුන් දහස් හත්සිය අනූහය දෙනෙකු  ඉකුත් වසරේදී මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය ඉකුත් 2017 වසරේදී මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව හා සැසඳීමේදී එම සංඛ්‍යාව  10.3% කින් වර්ධනය වී ඇතැයි එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටී. 2017 වසරේදී විදෙස් සංචාරකයින් විසි ලක්ෂයකට ආසන්න පිරිසක් පැමිණ තිබේ.

වැඩියෙන්ම  සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාව , චීනය , බි‍්‍රතාන්‍යය , ජර්මනිය සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල් වලින් බව ද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉකුත් වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ගත වූ මාස 12 කාලය තුළ විදෙස් සංචාරකයින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ වන අතර එම සංඛ්‍යාව 253,169 ක් වේ.

 

මීට අමතරව පසුගිය පෙබරවාරි ,මාර්තු , ජුනි ,නොවැම්බර් මාස වලදී විදෙස් සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව අධිකාරිය කියා සිටී.

 

මෙම සංචාරකයින් පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේ මේ වසරේදී විදෙස් සංචාරකයින් ලක්ෂ 30 ක්  ඉලක්කයක් රජය අපේක්ෂා කරන බවය.

 

එසේම මේ වසරේ ඇමෙරිකා ඩොලර් බිලියන 4 ක ආදයමක් සංචාරක ක්ෂේක‍්‍රයෙන් ඉපැයීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේය.

 

පසුගිය 2018 වසරේදී මීට වඩා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අපේක්ෂා කළද ඉකුත් ඔක්තෝබර් මාසයේදී 26 වැනිදා ඇති වූ දේශපාලන අර්බුද හේතුවෙන් සංචාරකයින් පැමිණී තරමක් අඩාල වූ බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී.