2023 වසරට වඩා සියයට 10 ක වැඩිවීමක්
පසුගිය දෙසැම්බරයේ ඩො. මි. 614 ක් ලැබිලා
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරට වඩා 2024 වසරේදී සියයට 10 කින් ඇමෙරිකන් ඩොලර් බිලියන 6.57 දක්වා වර්ධනය වී ඇත.
2024 දෙසැම්බරයේ දී, ඇමෙරිකන් ඩොලර් මිලියන 614 ක ඉහළ අගයක් ලැබීමෙන් පසුව, ඇමෙරිකන් ඩොලර් බිලියන 6.5 සීමාව පසු කළේය.
2024 දෙසැම්බර් අගය, 2021 මාර්තු මාසයේ දී ලබා ගත් වැඩිම ගණන වන ඩොලර් මිලියන 612 ඉක්මවා ගිය අතර, එම වසරේම ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 675.3 ක් හිමිවිය.
2020 වසරේ දෙසැම්බරයේ වාර්තා වූ ඉහළම අගය ඇමෙරිකන් ඩොලර් මිලියන 813 කි. නොවැම්බරයේදී එය ඩොලර් මිලියන 530 කි. 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 569.7 ට සාපේක්ෂව 2024 දෙසැම්බර් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගියේය.
2023 දී සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන 6 දක්වා සියයට 57 කින් වර්ධනය විය. ඒ, 2022 වසරේ දී, බිලියන 3.78 දක්වා සියයට 31 කින් පහත වැටීමෙන් පසුවය. මෙය වසර 12 කින් සිදුවුණු දරුණු පහත වැටීමකි.
2016 වසරේ වැඩිම සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන 7.24 ක් වූ අතර, 2014 සහ 2018 අතර වාර්ෂික සාමාන්‍යය, ඇමෙරිකන් ඩොලර් බිලියන 7 කි. එය මාසිකව ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක් ගලා ඒමකි.