(මනෝපීය ගුණසේකර )
තමාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෝෂමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝෂමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්රාත් ප්රසන්න අමරසේන මහතාගෙන් එම ඉල්ලීම කර ඇත.
සිංගප්පූරු රෝහලකදී සිදුකිරීමට නියමිත හෘදර් සැත්කමට අදාල පශ්චාත් ප්රතිකාර කටයුතු සඳහා එහි යෑමට අවශ්ය වී ඇති බව පවසමින් තමාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලා සිටි.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇත.
ඒ මීට මාස හතරකට පමණ පෙර රහස් පොලිසිය කොටුව මහේස්ත්රාත්වරයාගෙන් කරන ලද ඉල්ලීමක්ට අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd