
(සුජිත් හේවාජුලිගේ)
කතානායකවරයාගේ කාර්යාලය අසල අරලිය ගසක බැද තිබූ බඹර කූඩුවක් පාර්ලිමේන්තු සේවකයන් විසින් ඊයේ (16) ඉවත් කරනු ලැබීය.
අවට කාර්යාලවල සේවකයන් දැනුවත් කර දොර ජනෙල් වසා දමා බඹර කූඩුව කඩා ඉවත් කෙරුණු බව පාර්ලිමේන්තු ප්රකාශකයෙක් පැවසීය.
මන්ත්රීවරුන්ගේ සහ සේවකයන්ට අනතුරක් ඇතිවිය හෙයින් බඹරු කූඩුව මෙසේ ඉවත් කෙරිණ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ තිබූ බඹර කූඩු කිහිපයක් පාර්ලිමේන්තු සේවකයන් විසින් මෙයට පෙරද ඉවත් කෙරිණ.
එසේම පාර්ලිමේන්තු භූමියට පැමිණි නයින් පොළගුන් ඇතුලු විවිධ සර්පයන් රැසක්ද පසුගිය කාලයේදී වරින් වර ඉවත් කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd