Beach Kho Kho ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි. එම ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීමේ උත්සවය 2024 දෙසැම්බර් 24 දින මීගමුව වෙරළ තීරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා Beach Kho Kho සම්මේලනයේ ලේකම් සහ කීර්තිමත් ක්‍රීඩා උපදේශකවරයකු වන අතුල විජේනායක Kho Kho සහ Beach Kho Kho ක්‍රීඩා මෙරටට හඳුන්වා දීමට විශාල කාර්යභාරයක් ඉටු කළේය.
Ceylon Sapphire Mining සභාපති සංජීව ප්‍රියන්ත ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා Beach Kho Kho සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා Kho Kho සංගමයේ උපසභාපති ලෙස කටයුතු කරයි. පරිසර හිතකාමී ක්‍රමවේද භාවිත කරමින් මැණික් ගැරීම සිදු කරන Ceylon Sapphire Mining සමාගමට අනුබද්ධ Ceylon Facet පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්තය, තායිලන්තය, චීනය වැනි රටවලින් ලැබෙන මැණික් කපා ඔප දැමීම සිදු කරයි. යුරෝපයට, චීනයට සහ ඇමරිකා එක්සත් ජනපදයට වසර 30ක් පුරා මැණික් අපනයනය කරන එම සමාගම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඇතුළු 125කට වැඩි පිරිසකට රැකියා අවස්ථා සපයා ඇත. වර්තමානයේදී ශ්‍රී ලංකා Kho Kho කණ්ඩායම Kho Kho ලෝක කුසලාන තරගාවලියට සූදානම් වේ. ඉන්දියාවේ ආරම්භ වූ Kho Kho ක්‍රීඩාවට වසර 150කට වැඩි ඉතිහාසයක් ඇත.
Beach Kho Kho ලංකාවට හඳුන්වාදීමට Ceylon Sapphire අනුග්‍රහය
Recommended Articles