මෙරට ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සමාගමක් වන Everbolt Engineering පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා සඳහා වන රිදී සම්මානය, විශිෂ්ටම නව්‍ය ව්‍යවසාය සඳහා වන රන් සම්මානය සහ මධ්‍ය පරිමාණ සේවා අංශයේ විශිෂ්ටම ව්‍යවසාය යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය. ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි.
කාර්මික ස්වයංක්‍රීයකරණය සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල විප්ලවකාරී වෙනසක් කර ඇති Everbolt සමාගම පුළුල් පරාසයක විහිදී ඇති විදුලි නිෂ්පාදන සහ ඉංජිනේරු සේවා සපයයි. විද්‍යුත් පැනල නිර්මාණය සහ සවි කිරීම, සොෆ්ට් ස්ටාටර්, VFD පැනල, ඉන්ඩස්ට්‍රියල් වයරින්, ලයිටින් ඇරෙස්ටර්, අර්තින් සිස්ටම්, කැපෑසිටර් බෑන්ක්, Vision Based Solutions, Web Based Solutions, Online Data Monitoring and System Controlling ඒ අතර වේ.
එම සමාගම සිය සහෝදර සමාගම වනEverbolt Engineering Services පෞද්ගලික සමාගම දියත් කරමින් 2018දී සේවා ක්ෂේත්‍රයට පිවිසියේය. පාරිභෝගිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 2022දී CDI Electricals පෞද්ගලික සමාගම දියත් කළ අතර එම වසරේදීම ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය දිනා ගත්තේය. Everbolt Food Product Pvt Ltd නමින් කාබනික ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රයටද පිවිසී ඇති එම සමාගම ශාකසාර තේ, රස කැවිලි, යන්ත්‍ර රහිතව නිෂ්පාදනය කළ තේ, විජලනය කළ නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි.
Everbolt සමාගමට ව්‍යවසායකත්ව සම්මාන ත්‍රිත්වයක්
Recommended Articles