HDFCබැංකුව 2025 වසරේ නව ගනුදෙනු සර්ව ආගමික ආශිර්වාද සහිතවHDFC බැංකුවේ සභාපති පී.ජේ ජයසිංහ HDFC බැංකුවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී සී.ආර්.පී බාලසූරිය යන මහත්වරුන්ගේ සහ ගනුදෙනුකාරභවතුන්ගේ සහභාගීත්වයෙන් ජනවාරි මස 01 දින උදෑසන HDFCබැංකු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.
මෙහිදී Clean Sri Lanka වැඩසටහනට සමගාමීව, අදාළ ප්‍රතිඥාව ලබාදීම සඳහා බැංකුවේ සියලු සේවක මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මෙම අවස්ථාවේදී නව වසරට සුභපැතුම් එක් කරමින් අදහස් දැක්වූ HDFCසභාපතිවරයා සඳහන් කළේ ලබා දුන් ප්‍රතිඥාවට අනුව සියලු දෙනා එක්ව කැපවීමෙන් තම රාජකාරිය ඉටු කළ යුතු බවයි.
HDFCවැඩ බලන සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරීවරයා සිය කථාවේදී සඳහන් කළේ, අභියෝග රැසක් සහිතව නව වසරට එළබෙන අප බැංකුවේ සාර්ථකත්වය සඳහා දායකත්වය ලබා දීමට අවශ්‍ය හැකියාව සහ ශක්තිය තම බැංකුවේ කාර්ය මණ්ඩලයට පවතින බවත්ය.