S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්


භානුක අමරසිංහ


S&P Dow Jones Indices විසින් 2024 වර්ෂ අවසාන ප්‍රතිසංස්කරණයෙන් පසු දර්ශක සැකසීමට අනුව කොළඹ කොටස් හුවමාරුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනස්කම් සිදු කෙරෙන බව පවසයි. 

ඒ අනුව 2024 දෙසැම්බර් 23 සිට බලපැවැත්වෙන පරිදි S&P Dow Jones Indices  විසින් නිවේදනය කර ඇති පරිදි මෙලෙස එම දර්ශකයට අලු‍තෙන් ඇතුළත් වීම් හා බැහැර වීම් සිදුව තිබේ.

මෙහිදී CIC Holdings PLC (CIC.N / CIC.X) සමාගම S&P  ශ්‍රී ලංකා 20 දර්ශකයෙන් ඉවත් කෙරී ඇති අතර, ඒ වෙනුවට Ceylon Cold Stores PLC (CCS.N), Commercial Bank of Ceylon PLC  (නිෂ්ඡන්ද කොටස්) HNB.X  යන සමාගම් ඊට එක්කෙරී තිබේ.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නා වූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය, ද්‍රවශීලත හා මුල්‍ය ශක්තියත් යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් S&P  ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුළත් වේ.