SLT - මොබිටෙල් ’ Cash Bonanza ’ වෙතින් රු . මිලියන 12 ක මුදල් තෑගි


වසර ගණනක පටන් මිලියනපතියන් බිහිකරනSLT-MOBITEL ‘Cash Bonanza’  වැඩසටහන යටතේ දැන් තවත් වැඩි ත්‍යාග සහ දීමනා රැසක් පිරිනැමීමට නියමිතය. මෙම වැඩසටහන යටතේ, රු. මිලියන 12 ක වටිනාකමින් යුතු දැවැන්ත ත්‍යාග රැස අතරින් අලු‍ත් සහ දැනටමත්a SLT-MOBITEL Mobile  සේවා ලබා ගන්නා පාරිභෝගිකයන්ට ජයග්‍රාහකයන් බවට පත්වීමේ අවස්ථාව හිමිකර දී ඇත. 

SLT-MOBITEL Mobile  සබඳතාවකින් රු. 100 ක් වැනි සුළු මුදලක් රිලෝඩ් කිරීමෙන්, රීලෝඩ් ක්‍රමයට සැලසුමක් සක්‍රීය කරගැනීමෙන් හෝ බිල්පත් ගෙවීමෙන් වුව ද මෙම කුසපත් ඇදීමට ඇතුළත් විය හැකි වීම විශේෂත්වයකි. 2025 ජනවාරි 1 වැනිදා සිට 2025 ජුනි 30 වැනිදා දක්වා දියත් කෙරෙන Cash Bonanza වැඩසටහන මගින් සෑම මාස තුනකට වරක් රු. මිලියන 3 ක ඉහළ ම මුදල් ත්‍යාගය ද, සෑම මාසයකට වරක් රු. මිලියනය බැගින් ද පිරිනැමේ. එම ත්‍යාගවලට අමතරව වැඩසටහන දියත්වන කාලය තුළ තවත් අමතර ත්‍යාග රැසක් හිමිකර ගැනීමේ අවස්ථාව ද පාරිහෝගික ජනතාවට පිරිනැමේ. 

දිවයින පුරා විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සමග එක්ව දියත් කෙරෙන Cash Bonanza  2025 වැඩසටහන සම්ප්‍රදායික ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනකින් ඔබ්බට යමින් ජනතාවට විනෝද වීමටත්, ජයග්‍රහණ හිමිකර ගැනීමටත් හැකිවන ලෙස සැලසුම්කර ඇත. මෙරට විදුලි සංදේශන ක්ෂේත්‍රයේ විශාලතම පාරිභෝගික රිවෝඩ වැඩසටහන ලෙස සැලකෙන Cash Bonanza වැඩසටහන සෑම අයකුට ම ජයග්‍රාහකයකු වීමේ මග විවරකර දෙයි. 

තවද, මෙමගින් සබඳතා සේවා පිරිනැමීමට අමතරව පාරිභෝගිකයන්ගේ ජිවිත වෙනස් කිරීමේ අරමුණින් ඔවුන්ගේ ළෙන්ගතුබව ඇගයුමට ලක් කිරීම සඳහා SLT-MOBITEL  දක්වන කැපවීම ද මනාව පිළිබිඹු වේ.