TMH සමූහයේ සභාපති හා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ බ්‍රිගේඩියර් ජනරාල් ආචාර්ය ධර්මලිංගම් තරේසනන් මහතා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි තෙළඟනා සරස්වත පරිෂඩ්හි පැවති ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උත්සවයේ ආරාධිතයකු සහ දේශකයකු ලෙස සහභාගී විය. එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට කර ඇති කාර්යභාරය අගයමින් ඔහු වෙත Human Rights Crusaders සම්මානයද පිරිනැමිණි.
මානව හිමිකම් ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන පුද්ගලයන් හා ආයතන ඇගැයීමට සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සඳහා වන ජාත්‍යන්තර කොමිසම සහ එක්සත් මානව හිමිකම් සම්මේලනය එම උත්සවය සංවිධානය කර තිබිණි. මානව හිමිකම් ක්‍රියාකාරීහු, අධ්‍යාපනවේදීහු සහ වෙනත් සමාජ නායකයෝ රැසක් ඊට සහභාගී වූහ. මැඩගස්කරයේ කොන්සල් ජනරාල් අවනිද්‍රා කුමාර් දණ්ඩාමුඩි, අන්තර්ජාතික ආගමන නීතිඥ කවේටි ශ්‍රීනිවාස රාඕ, කීර්තිමත් ස්ත්‍රීවාදී ලේඛිකා Smt Jwalitha සහ කාන්තා අයිතිය පිළිබඳ ක්‍රියාකාරී ආචාර්ය වේදවති දිනේෂ් වැනි ආරාධිතයෝ රැසක් ඒ අතර වූහ.
“සදාචාරාත්මක පුරුදු සහ ආයතනික සමාජ වගකීම් වැනි දෑ තුළින් මානව හිමිකම් ක්ෂේත්‍රය උසස් කිරීමට ව්‍යාපාර ක්ෂේත්‍රය සතුව විශාල වගකීමක් තිබෙනවා. මානව ගෞරවය සහ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට ගෝලීය වශයෙන් විශාල කාර්යභාරයක් කිරීමට ව්‍යාපාර ආයතනවලට හැකියාව පවතිනවා.” තරේසනන් මහතා පැවසීය. දැක්මක් සහිත ප්‍රධාන විධායක නිලධාරිවරයකු ලෙස ප්‍රකට තරේසනන් මහතාගේ පරිපාලනය සහ කළමනාකරණය යටතේ ආයතන රැසක් කැපී පෙනෙන වර්ධනයක් ලබා ඇත. Mother care International Global Foundation හි විධායක සභාපති සහ නිර්මාතෘ වන ඔහු බ්ලූ ලේක් වෝටර්, රොක්ස්බරි ඉන්ටර්නැෂනල්, ග්‍රීන් වැලි ඇග්‍රෝ ප්ලාන්ටේෂන්, සිලෝන් අයිලන්ඞ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ඇතුළු ආයතන රැසක නායකත්වය දරයි. එසේම ඔහු ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන බ්‍රිගේඩියර් ජනරාල් ලෙසද කටයුතු කරයි. සාමය පිළිබඳව ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාම විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධි ලබා ඇති ඔහු පරිගණක මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුකරණය, ව්‍යාපාර කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණ කළමනාකරණය, බැංකුකරණය සහ මූල්‍ය ක්ෂේත්‍රවලට අදාළ ඩිප්ලෝමාද ලබා ඇත.