අගමැති ඔස්ලෝ නුවරදී ව්‍යාපාරිකයන් පිරිසක් හමුවෙයි


(අංජුල මහික වීරරත්න)
 
ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී පැවැත්විණි.
 
මෙම සුහද හමුව ශ්‍රී ලංකාව සහ නෝර්වේ ව්‍යාපාරිකයින්  විසින් සංවිධානය කර තිබූ අතර දෙරටේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල්ව හා විධිමත්ව පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
දෙරට අතර ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ දී පැනනැගී ඇති ගැටලූ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවු ව්‍යාපාරිකයින් ඒ සම්බන්ධයෙන් ගත හැකි කඩිනම් විසඳුම් පිලිබඳව සාකච්ඡා කළේය.
 
මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ, නෝර්වේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ යන මහත්ම මහත්මීහු ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගි වූහ.