(නිමල කොඩිතුවක්කු)
විදේශ වෙළඳපොළ ඉලක්ක කර රට තුළ අපනයන ගම්මාන 5000 ක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයි ප‍්‍රථමික කර්මාණ්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය.
නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමේ අරමුණින් දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.අමාත්‍යංශයේ සංවර්ධන වැඩසටහන් වල ප‍්‍රගතිය සහ රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මෙම වැඩපිළිවලට සමගාමීව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තම අමාත්‍යංශය මඟින් රට පුරා අපනයන කෘෂි අධි කලාප 23 ක් සහ අපනයන මත්ස්‍ය අධි කලාප 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු සදහන් කළේය.
ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රය තුළ 39 ක වර්ධනයක් දක්නට ඇති බවත්, ඒ අනුව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ට වැඩි අදායමක් ලබා ගත හැකි වන පරිදි ඉලක්ක කරගනිමින් මෙම අපනයන ගම්මාන වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
අපනයන ගම්මාන 5000 ක් ඉදිකිරීමට යයි
Recommended Articles