අල ගොවියා රකින්න අර්තාපල් පුඩිමක්


(රංජිත් රාජපක්ෂ සහ ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නුවරඑළිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිම හා දේශීය අල ගොවියා රැකගැනීමේ අරමුණින් අද (16) නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය විසින් අර්තාපල් පුඩිමක් පිළියෙළ කර පිළිගන්වනු ලැබුහ.

නුවඑළිය වසන්ත උදානයට සමගාමීව නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ පාලන අධිකාරිය සහ එම හෝටලයේ සාමාන්‍යධිකාරි රිෆාන් රෂිෆ් මහතා විසින් මෙම පුඩිම පිළියෙළ කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.

අර්තාපල් පුඩිම පිළියෙළ කිරිම ක්‍රීඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර නුවරඑළිය මහනගර සභවේ පුරපති චන්දනලාල් කරුණාරත්න යන මහතුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි ප්‍රියන්ත විරසිංහ සහ ඉන්දියානු ප්‍රධාන සුපවේදියකු වන රනිද්ර් සින් මහතා ඇතුළු ග්‍රැන්ඩ් හෝටලයේ සුපවේදින් 15 කට ආසන්න පිරිසක් මෙම අර්තාපල් පුඩිම පිළියෙළ කිරිමේ අවස්ථාවට සහභාගී වුහ.

අර්තාපල් කිලෝ 15 , එලගි තෙල් බෝතල් 2 , සිනි කිලෝ 2.500 , රාසින් කිලෝ 2 , වියළි මිදි  කිලෝ 2, කජු කිලෝ  2 , කරදමුංගු , කහ ,යොදා ගනිමින් කිලෝ 25 ක අර්තාපල් පුඩිමක් පිළියෙළ කරන ලදී.

මෙම අර්තාපල් පුඩිමට සමගමීව නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් දේශිය අර්තාපල් වලින් පිළීයෙළ කරන ලද ආහාර ද්‍රව්‍යය ඇතුළු අතුරුපස වර්ග 100 ක  ප්‍රදර්ශ කුටියක් ද පැවැත්විණි.