අලුත් පාලම් 200ක් එයි


වානේ වලින් සැදි පාලම් 210 ක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ශ‍්‍රී ලංකා රජය පසුගියදා අත්සන් කළේය.

ගිවිසුම ඇතිවූයේ ප‍්‍රකට බි‍්‍රතාන්‍යය පාලම් ඉදිකිරීම් සමාගමක් වන ක්ලීව්ලෑන්ඞ් සමාගම සමගය.මේ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල පවුම් ලක්ෂ 350 කි.මුදල් ලබාගැනෙනු ඇත්තේ විදෙස් ණයක් ආධාරයෙනි.ව්‍යාපෘතිය වසර 3 ක් ඇතුළත නිම කිරීමට සැළැසුම් කර ඇත.මීටර 6 සිට මීටර 30 දක්වා දිග පරාසයන්ගෙන් යුත් පාලම් මේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරේ.

ව්‍යාපෘතියෙන් දුෂ්කර පළාත්හි පාලම් පිහිටවිය යුතු ස්ථාන සොයා බලා පාලම් ඉදිකිරීම සිදුකෙරෙනු ඇත.මීට අමතරව වැසි සමයේදී විනාශව යන වැල් පාලම් ආදිය පිහිටන ස්ථානවල නව තාක්ෂණික ක‍්‍රම අනුගමනය කොට පාලම් ඉදිකිරීමද සිදුවනු ඇත.දුෂ්කර පළාත්ද රටේ සෙසු පළාත් හා යා කිරීම මගින් සංවර්ධන කාර්යයට එකතු කර ගැනීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.

පාලම් ඉදිකිරීම සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍යයන් බි‍්‍රතාන්‍යයේ සිටම ආනයනය කිරීමට නියමිතය.ව්‍යාපෘතියේ වැඩ කටයුතු ලබන ජූලි මාසයේ සිට ඇරඹෙනු ඇත.