ආයෝජන මණ්ඩලයේ පහසුකම් ලද ග්‍රෑන්ඩ් ග්‍රේන් ඉන්ඩස්ට්‍රිස් ලිමිටඩ් සමාගම කාන්තාවන් සඳහා සුවිශේෂී වූ බ්‍රෙෂියර් නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලාවක් මෑතකදී ආරම්භ කරන ලදී. මෙම කර්මාන්තශාලාව තුළ කාන්තා ඇඟලුම් නිෂ්පාදනයේ නවතම පර්යේෂණ සිදුකරනු ලබන අතර ඒ සඳහා ලොව භාවිතා කරනු ලබන නවතම තාක්ෂණික ක්‍රමවේද සහ උපකරණ භාවිතා කරනු ලබයි.
මෙම කර්මාන්තශාලාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත කරන ලද ආයෝජනයක් වන අතර එමගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් සඳහා රැකීරක්ෂා 600ක් පමණ ලබාදීමට බලාපොරොත්තු වන බව එම ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ආයතනය ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය කරන අංගෝපාංග සකස් කොට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන ආයතන දෙකක් වන බ්‍රැන්ඩික්ස් සහ මාස් හෝල්ඩින්ස් සමාගමත් සමග සහයෝගීත්වයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එමගින් පිටරටට ඇදී යන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රට තුළ ඉතුරු කිරීමට හැකි වන බවත් තවදුරටත් සඳහන් කරන ලදී. මෙම ආයතනයේ ප්‍රධානතම කර්මාන්තශාලාව චීනයේ පිහිටා ඇති අතර එමගින් වසරකට මිලියන 25ක් පමණ කාන්තා ඇඟලුම් සම්බන්ධ නිෂ්පාදන කොටස් ලෝක වෙළඳපොළට නිකුත් කරනු ලබයි.
මෙම නව කර්මාන්තශාලාව මගින් වසරකට මිලියන 6ක් පමණ කාන්තා ඇඟලුම් සඳහා අවශ්‍ය කරන ඇඟලුම් කොටස් (Bra Cups) නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ.
595