(ඩයනා උදයංගනී)
ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා පනවා ඇති බද්ද රුපියල් 20 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
මේ වන විටත් ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 20 ක බද්දක් පනවා ඇති අතර ඉදිරියේ දී එය රුපියල් 40 දක්වා ඉහළ යනු ඇතැයි කී අමාත්‍යවරයා දේශීය ලොකු ලූනු ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයි ද සඳහන් කළේය.
සාමාන්‍යයෙන් ලොකු ලූනු සඳහා ආනයන බද්දක් පනවන්නේ ලොකු ලූනු අස්වනු නෙලන කාලයේදී ඉදිරියේ දී වගාව ආරම්භ කරන කාලයේදී ම මෙම බද්ද පැනවීමට ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ඇමැතිවරයා කීවේය.
ආනයනකරුවන් බද්ද පැනවීමට පෙරම ලොකු ලූනු ආනයනය කර ගබඩා කර තබාගන්නා බැවින් මෙම තීරණය ගත් බව ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.
ලොකු ලූනු මාස තුනකට වඩා ගබඩා කර තබාගත නොහැකි බැවින් වගාව ආරම්භයේදීම ආනයනික බද්ද ඉහළ දැමීමෙන් ගොවියාට වැඩි සාධාරණයක් වනු ඇතැයි ද අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
මෙරට ලොකු ලූනු අස්වැන්න, ආනයනය කරන ප‍්‍රමාණය හා ආනයනය කළ යුතු ප‍්‍රමාණය ගැන දත්ත පද්ධතියක් මින් පෙර නොතිබීම හේතුවෙන් ගොවියාට ගැටලූ මතු වූ බව කී ඇමතිවරයා ඉදිරියේදී එම තත්ත්වය වෙනස් කරන බව ද කියා සිටියේය.