ලොව අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක හා සැසඳීමේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය අද (2) ශක්තිමත් විය.
ඒ අනුව ගෝලීය වර්ධනය සහ වෙළෙඳාම යහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරුණි.
ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය සියයට 0.1කින් ශක්තිමත් වූ අතර ඩොලරයට සාපේක්ෂව යුරෝව 0.02කින් පහත වැටිණි.
චීනය ගත් ක්‍රියාමාර්ගයත් සමඟ ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් මුදල් ඒකකය ශක්තිමත් වූ අතර එහි අගය 6.9631 ලෙස දැක්විණි. පසුගිය වසරේ අගෝස්තු මස 2 වැනිදායින් පසුව ඩොලරයට සාපේක්ෂව යුවාන් මුදල් ඒකකය එතරම් ශක්තිමත් වූ පළමු අවස්ථාව එය විය.
රොයිටර්
055